මෛත්රි භාවනාව කවියෙන්
මුනිදු සරණ එක පිහිටම වේවා
උතුම් නිවන අවබෝධය වේවා
සුවච සුමුදු ඉදු ගුණ ඇති වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා!
මානෙන් තොර තුටු සිත් ඇති වේවා
අනුනට කරදරයක් නොකෙ රේවා
සහැල්ලු ජීවිතයක් ඇති වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා!
සන්සුන් ඉදුරන් නිති ඇති වේවා
සිහි නුවණින් කටයුතුද කෙරේවා
කුල මානෙන් දූසිත නොම වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා!
නැණැති දනන් වැනු ගුණ ඇති වේවා
පාප කලෙස් සිත් පහළ නොවේවා
කය සිත වචනය පිරිසුදු වේවා
සියලු සතුන් ලොව සුවපත් වෙවා!
බියපත් තැති ගත් සතුන්ද වේවා
දිගු මහ සිරුරැති නේ සත් වේවා
කෙලෙසුන් සුන් කළ රහතුන් වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා!
අහසෙහි දුර ළග ගොඩ දිය වේවා
පෙනෙනා නොපෙනෙන සත් වග වේවා
ඉපදුන ඉපදෙන ගණනින් වේවා
සියලු සතුන් ලොව සුවපත් වෙවා!
අහසෙහි දුර ලග ගොඩ දිය වේවා
පෙනෙනා නොපෙනෙන සත් වග වේවා
ඉපදුන ඉපදෙන ගණනින් වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා!
කිසිවෙකු හට වංචා නොකෙ රේවා
කිසිවෙකු හට අවමන් නොකෙ රේවා
කිසිවෙකු හට රිදුමක් නොකෙ රේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා!
එකම පුතුන් දිවි නොතකා බෝවා
ඇල්මෙන් රකිනා මව සේ වේවා
මෙත් සිත් සිල් බලයෙන් සුරැ කේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා!
සක්මන් කරමින් හිදගෙන වේවා
නොනිදා සැතපෙන සිටගෙන වේවා
කොයි ඉරියව්වෙත් මෙත් පැති රේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා!
ලෞකික අසාවන් දුරු වේවා
ලොව්තුරු මගපල සතුට ලැබේවා
සසරෙහි උපදින දුකින් මිදේවා
කෙලෙසුන් සුන් කර නිවන් දකීවා!
බොහොම වටිනවා. ස්තුතියි ඔබට
ReplyDelete